ගණේමුල්ල සංජීවගේ ඝාතනය ගැන රහස් වාර්තාවක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.

්අදාළ වාර්තාව, විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී ලබාදී තිබෙන බවත්, එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බවත් වාර්තා වෙනවා.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිත බව පැවසෙනවා.

පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණා.

සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *