අද පස්වරුවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවක්

පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇති අතර, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බව සඳහන් වෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *