ත‍්‍රීරෝද රථගාලක වෙඩිතැබීමක්

අද (26) උදෑසන 11 ට පමණ මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36 ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.
වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, සිදුවීමෙන් පසු වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරු ගම්පහ රෝහලට මාරුකර යවා තිබෙන බව වාර්තා වෙනවා.
වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී මේ වනවිට ඔහුව ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බව ද අනාවරණය වී තිබෙනවා.
