විශේෂ සැළකිල්ලක් යොමු කළ යුතු තත්වයක්

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව, බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.ඒ.කළුකපුආරච්චි මහතා පවසනවා.
දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 50 කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බව ඔහු පවසනවා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000 ක පිරිසක් වාර්තා වී ඇති බවද කොළඹ මහනගර සභාව සඳහන් කරනවා.
එම සංඛ්‍යාවෙන් 1,800 ක ප්‍රමාණයක් කොළම නගර සභා බල ප්‍රදේශයෙන් වර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කරනවා.
ඒ වගේම, ඩෙංගු අවදානම සහිත නිවාස 70,000 ක් පරීක්ෂා කර ඇති අතර, නිවාස 471 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය තවදුරටත් පෙන්වා දෙනවා.
