විදුලි කප්පාදුව ගැන විශේෂ නිවේදනයක්

දෛනිකව සිදු කළ විදුලි කප්පාදුව අද 14 සිට සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දී තිබෙනවා.

ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීම නිසාවෙනි.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබෙන බවත්, ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300 ක් බවත් සඳහන් වෙනවා.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *