සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක්

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ල එම සේවාව සඳහා වෙන්කර තිබෙන බව වාර්තා වෙනවා.
එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කෙරෙන කාමර සංඛ්‍යාව 82 ක් වන අතර, එහි ඇඳන් ධාරිතාව 340 කි. එමෙන්ම ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකක, ඊට ඇතුළත් වෙනවා.
විශේෂයෙන් ම ඉදිරි වසර තුළ දිවයිනට සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීම, රජයේ අපේක්ෂාව වන අතර, එම සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබා දීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට, එම රෝහල පත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල යන විශ්වවිද්‍යාලවලින් ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් 600 ක් වෙනුවෙන් සායනික පුහුණු වීම් ලබාදීම වෙනුවෙන් ද, එහි පහසුකම් සලසා තිබෙන බව වාර්තා වෙනවා.
