COPE එකෙන් විශේෂ හෙළිදරව්වක්

2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා, බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වී තිබෙන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි.

එම කාලසීමාව තුළ නේවාසික පුහුණුවකින් තොරව ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම හේතුවෙන්, කාර්යංශයට රුපියල් කෝටි 63 ක පමණ මුදලක් අහිමිවී ඇති බවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *