අනපේක්ෂිතව ආරම්භ වූ වර්ජනයක් ගිය දුරක්

ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වැටුප් සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කරගනිමින් ගුවන් තොටුපොළ සේවකයින් රට පුරා වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවූ බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන්, ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථානවල මගීන්ට ගුවන් තොටුපළවලට ගමන් නොකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවත්, එම ගුවන් තොටුපළවල්හී මෙහෙයුම් දැඩි ලෙස අඩාල වී ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.

මේ අතර, ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, දවස පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කළ හැකි බවත්, එමඟින් මගීන් 500,000 කට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ල විය හැකි බවත්ය.

විශේෂයෙන් ම මේ වන විටත්, සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පිටත්වීම් 143 ක් දැනටමත් අවලංගු කර ඇති බවත් වාර්තා වෙනවා.

එරට පිහිටි වර්ඩි වෘත්තිය සමිතිය විසින් මෙහෙයවා ඇති මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හැම්බර්ග් ගුවන්තොටුපොලේදී අනපේක්ෂිත ලෙස ආරම්භ වී ඇති අතර, පසුව එය රට පුරා වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *