ජයග‍්‍රහණය වෙනුවෙන් සුපිරි මුදල් ත්‍යාගයක්

ශූරයන්ගේ කුසලානය (Champions Trophy) දිනාගත් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58 ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් කෝටි 200 කට ආසන්නයි.

එමෙන්ම, මෙම මුදල් ත්‍යාගය තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ලබාදුන් ත්‍යාග මුදල මෙන් තුන් ගුණයක් වීම විශේෂත්වයක් වන අතර, වසර 8කට පසු පැවැත් වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.24 ක මුදලක් ලබාදුන් අතර, එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකයි.

පාකිස්තානයේ සත්කාරකයත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 4 කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

විශේෂයෙන් ම ඔවුන් අපරාජිතව කුසලානය දිනාගැනීමද කැපී පෙණුනා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *