“තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්”

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ,තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්නයි.
දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැගීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7% ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් ක්‍රියාවට නංවා ඇති බවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ සඳහන් වෙනවා.
