ඉදිරියේදී සංචාරකයින්ටත් බද්දක්

එළඹෙන උත්සව සමය තුළ සංචාරකයින් සඳහා බද්දක් පැනවීමට තායිලන්ත රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ සංචාරක බද්ද පැනවීමේදී එක් සංචාරකයෙකු සඳහා බාත් 300 ක අය කෙරෙනු බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් මෙම බදු ක්‍රමය සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, බදු එකතු කිරීම පහසු කිරීම සඳහා තායිලන්ත ඩිජිටල් පැමිණීමේ කාඩ්පත :ඔෘ්ක්‍* වෙත දත්ත සම්බන්ධ කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙනවා.

මෙම සංචාරක බද්ද ලබන මැයි මස පළමුවනදා සිට බලාත්මක විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *