ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (23) මහනුවර ශ්‍රී දලදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා.
මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බවත්, එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත්, එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.