සැකකරුවෙක් දුන්න ඔත්තුව

56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 48 ක් සමග සැකකරුවෙකු මාතර මිදිගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පිරිසක් කළ වැටලීමකදීයි.
එම කාර්යාංශය මගින් රඳවා තබා ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම සැකකරු හා පතුරම් තොගය අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
ඔහු සතුව තිබී 84 එස් අවි සඳහා භාවිත කරන පතුරමක්ද සොයා ගෙන තිබෙන අතර, 33 හැවිරිදි සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.