මේ දවස් වල නිතරම ඇහෙන මාතෘකාව

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද 19 මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

එහි පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව සඳහන් වෙනවා. එහිදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව, මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ 18 පස්වරුවේ පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

පළාත් පාලන මැතිවරණ සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *