හොය හොය හිටිය වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු, 2023.05.12 අවිසාවෙල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, 2023.05.26 අවිසාවෙල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම සහ 2023.09.20 අවිසාවෙල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *