ජනපති ට‍්‍රම්ප්ගෙන ඉරානයට අනතුරු ඇගවීමක්

ඉරානයේ ටෙහෙරානයේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවටයි ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මීට වසර ගණනාවකට පෙර සිදුකළ ආකාරයට යළිත් වරක් ද්විතියික තීරුබදු පැනවීමට ද තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, වොෂින්ටනය සමග පසුගිය සතියේ පැවැත්වීමට තිබූ සාකච්ඡා ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *