තරුණයන් වෙනුවෙන් තරුණ නායකයෙක්

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
විශේෂයෙන් ම ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නාද වෙනවා.
ඒ අනුව, ඔහු අද :03දා* ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීම සිදු වුණා.
ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර, විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
එමෙන්ම සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ අතර, යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙනවා.
වැඩ භාරගනිමින් ඔහු පැවසුවේ ජාතික තරුණ සේවා සභාව තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පත් කරන බවයි.
ඒ වගේම, තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ගේ හැකියාවන් එකතු කරගනිමින් තරුණ සේවා සභාව මෙරට තරුණයින්ගේ ප්‍රමුඛතම ආයතනය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් අමතමින් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.