අධිකරණයට භාර වූ වැඩ බලන OIC

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට බාරවී තිබෙනවා.
කෙසේ වුවත්, එසේ භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එ ්වගේම, සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර, හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.
