කණගාටුවෙන් වුවත් ලංකාව හැර යන අදානි

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1 ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් ගෙන දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ හෝ, අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය ,ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්, බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

