වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට වාසියක්

මෙවර අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් යෝජනා කර තිබෙනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබනවා.
ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රුපියල් මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3 පොළියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000 ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා කියා සිටිනවා.