සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පස්සෙ

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්, එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන් මෙන්ම දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *