අලි වෙනුවෙනුත් AI තාක්ෂණය

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් සකස් කළ උපකරණයක් අත්හදා බැලීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අනිද්දා සිට එම උපකරණය සවිකර එක් දුම්රියක් කොළඹ සිට මඩලපුව දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර තිබෙනවා.
මෙම අත්හදා බැලීම් වලින් අනතුරුව මඩකලපුව මාර්ගයේ රාත්‍රි කාලයේ ධාවනය වන සියලු දුම්රිය සඳහා එම උපකරණය සවිකෙරෙන බව වාර්තා වෙනවා.
දුම්රියේ ගැටීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වන අලි 9 දෙනෙකු මියගොස් තිබෙනවා.
මඩුකලපුව දුම්රිය මාර්ගයේ ගල්ඔය හා පලුගස්වැව අතර කොටසේ කිලෝ මීටර් 20 ක පමණ ප්‍රදේශයක වන අලි දුම්රියේ ගැටීමේ වැඩි අවදානමක් පවතින බවත්, එය අවම කිරීම සඳහා නව උපකරණය දුම්රිය එන්ජිමට සවිකර රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවත්, ඔහු ප්‍රකාශ කරනවා.
මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා ඇතුළු පිරිසක් විසින් වන අතර, ආචාර්ය තරිඳු වීරකෝන්, නලීන් හරිස්චන්ද්‍ර හා මහාචාර්ය ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක් ද මීට දායක වී තිබෙන බව වාර්තා වෙනවා.