ජීවිත බිලිගන්න වායු දුෂණය

වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70 ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බව, සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පවසනවා.

මේ අතර වායු දූෂණය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකමය වශයෙන් ද බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“දැනට විද්‍යාත්මක පරීක්ෂණ 70,000ක පමණ ආශ්‍රයෙන් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ලක්ෂ 70ක් ජනතාව තමන් මියයන්න ඕන කාලෙට වඩා කලින් වායු දුෂණය නිසා මිය යනවා කියලා. ඒ වගේම අපේ ගෙවල් ඇතුළේ වායු දුෂණය වීමත් ගොඩක් වෙලාවට බලපානවා විවිධ රෝගාබාධ ඇති වීම සඳහා සහ ඇතිවුණ රෝගාබාධ වැඩිදියුණු වීම සඳහා හා පාලනයවීම දුර්වල වීම සඳහා. උදාහරණයක් හැටියට සමහර සංඝටක පෙනහළුවලට ගියාම පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. දුම් පානයට කළ අයගේ මේ තත්ත්වය දැකලා තිබුණත් දැන් දුම් නොබොන අයගේ සහ කාන්තාවන්ගේ වායු දුෂණය නිසා මේ තත්ත්වය වැඩි වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *