අම්බලන්තොට ත‍්‍රිත්ව ඝාතනයේ සුලමුල

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර තිබෙන බවත් සඳහන් වෙනවා.

අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (03) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා, ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණු බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *