මේ වැසියන්ට ඇමෙරිකාව තහනම්

පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අදාළ රටවල් දෙකේ ජනතාව සඳහා සංචාරක තහනමක් පැනවීමට සැලසුම් කර තිබෙන්නේ, ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් බව එම වාර්තා සඳහන් කරනවා.
විශේෂයෙන් ම පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයට යන රටවල් දෙකට අමතරව, අමෙරිකාවට ඇතුළුවීමට තහනම් කෙරෙන තවත් රටවල් කිහිපයක් ඇතුළත් ලැයිස්තුවක්, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඩොනල්ට් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී ද මෙලෙස රටවල් කිහිපයක් සඳහා තහනමක් පැනවීමට සැලසුම් කර තිබුණු බවත් සඳහන් වෙනවා.
