ගුවන් ගත කළ එයාර්බස් යානයක් ගිනිගනී

දකුණු කොරියාවේ බූසාන් හි ගුවන් තොටු පොළකින් ගුවන්ගත කළ එයාර්බස් ගුවන්යානයක ඇතිවූ ගින්නක් හේතුවෙන් යානය ආපසු ගොඩ බස්වා එහි සිටි මගීන් 176 ඉවත් කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වුවත් මෙම සිද්ධීයෙන් පුද්ගලයින් සිවුදෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර, ගින්න පාලනය කර අනතුර වළක්වා ගැනීමට බලධාරීන් සමත්වූ බව සඳහන් වෙනවා.
මීට මාසයකට පමණ පෙරාතුව ද එරට මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිදුවූ ගුවන් අනතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණූ අතර, සිද්ධිය සිදුවූ එම යානයේ සිටි මගීන් 179 දෙනෙක් අනතුරින් මරුමුවට පත්වූ බව වාර්තා වුණා.