ගුවන් යානයක් හදිසියේම ගිනි ගනී

Colorado Springs ගුවන්තොටු පොළේ සිට Dollars Port Worth දක්වා ගමන්ගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 ගුවන්යානයක් හදිසියේම ගිනිගෙන තිබෙන බව වාර්තා වෙනවා.
Denver ජාත්‍යන්තර ගුවන් තොටු පොළට හදිසියේ ගොඩ බැස්වීමේදී මෙම යානය ගිනි ගැනීමට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වුවත්, එහි කාර්ය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව මෙම යානය ගොඩබස්වා තිබෙන බවත්, එම යානයේ ගමන් ගත් මගීන් 178 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කළ බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
