මංගල කැබිනට්ටුවේදීම චෝදනාවක්

යුරෝපා සංගමයට 25‍% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඒ බව කියා තිබෙන්නේ, සිය මංගල කැබිනට් රැස්වීමට එක්වෙමිනි.

යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ, එම චෝදනාවට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.

යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *