ධීවර සහ නාවික ප‍්‍රජාව වෙනුවෙන් නිවේදනයක්

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ දැනුම්වත් කරමින් නිරිතදිග බෙංගාල බොක්ක, ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ තිබෙන අතර, ඉන් අනතුරුව එය ඉදිරි පැය 24 තුළ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රමයෙන් දුර්වල වීමට ඉඩ තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං :පැ.කි.මී. 60 පමණ*, සමගින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.