විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඊයේ (26), 2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ නිකුත් කළ ප්‍රතිඵල අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.

එය සමස්ත ප්‍රමාණයෙන් 64.43% ක් වන අතර, මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624 ක් ද ඇතුළත් වන බව සඳහන් වෙනවා.

මෙවර පැවැති උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 247,361 ක් දෙනෙකු මුහුණ දුන් අතර, ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 222,774 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587 ක් ඇතුළත් වුණා.

මේ අතර, සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා එළැඹෙන 28 වැනි දින සිට පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *