හෙට දවල් 12.30 දක්වා බලපැවැත්වෙන නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එය හෙට (30) දහවල් 12.30 දක්වා බලපැවැත්වෙනවා.
ඒ අනුව, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රතු නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර, ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.