23 දෙනෙකුට දිවි අහිමි කළ ප‍්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු වන බවත්, උතුරු ගාසා තීරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් එම මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *