හදිසි ගොඩබෑබකට ලක් වූ යානයක්

ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක හටගත් ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ යානයේ සුළු වේලාවකින් ගින්න හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව කඩිනමින් ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ඇති යානයේ නියමුවන් යානය යළි එම ගුවන්තොටුපොළටම ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කර තිබෙන බවත්, එම වාර්තා සඳහන් කරනවා.
සිද්ධිය වූ අවස්තාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති නමුත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර, යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.