වසංගතයෙන් මියයන ප‍්‍රමාණයේ වැඩිවීමක්

සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම රෝග කාරකය පළමුවෙන්ම හඳුනාගෙන ඇත්තේ වවුලෙකු ආහාරයට ගත් දරුවන් තිදෙනෙකු පැය 48 ක් ඇතුළත මිය යාමත් සමඟ බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වසංගත තත්ත්වයේ රෝග ලක්ෂණ, බොහෝ විට උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් බවත්, ඉබෝලා, ඩෙංගු සහ කහ උණ වැනි රෝග වලද , උණ රක්තපාත, තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත් ඉහත රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග සාමානවීමක් නොමැති බව පර්යේෂකයන් පවසනවා.
මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර, මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත්, පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.