ජනපතිගේ ප‍්‍රකාශය ගැන විමර්ෂණයක්

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මන්නාරම ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සඳහායි.

ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්, ජාතික ජන බලවේගේ පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සළකා මුදල් වෙන් කිරීමක් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, අදාළ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාව එළැඹෙන 21 දා රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *