ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනය

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම, ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලබන 12 වැනිදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස, එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනිමේ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවද, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.