මැයි දින සැමරුම් සම්බන්ධයෙන් නිවේදනයක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පැවැත්වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
එසේම සැමරුම් පැවැත්වෙන කාලය තුළදී සාමාන්‍ය ගමනා ගමන කටයුතු විදිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.


