හිස්වූ පාර්ලිමේන්තු අසුන ගැන නිවේදනය

කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද 08 පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.

ඒ වගේම, ඒ මහතාගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා එහිදී නිවේදනය කර සිටියා.

එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්, නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී දැනුම් දෙනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *