මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලබනවා.

‍2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිර්පත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර, ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11 ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

ඒ වගේම, විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බවත් සඳහන් වෙනවා.

දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208, 011-2786200, 011-2784201,

විද්‍යුත් ලිපිනය – http://gr5schexam@gmail.com

ක්ෂණික දුරකථන අංකය – 1911

ෆැක්ස් අංකය – 011-2784422

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *