ඊශ්‍රායලයේ සිටින ශ‍්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙසයි.
අද 18 උදෑසන යේමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත්වූ බැවින්, යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව එහි සඳහන් කර තිබෙනවා.
ඒ අනුව හෙට 19 සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිධ ඉසව් සංවිධානය කර ඇති බැවින්, මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.