කච්චතිව් ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය

කච්චතිව් ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය අද (14) ආරම්භ වෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු නිසි පරිදි සූදානම් කර තිබෙන බව නාවික හමුදාව සඳහන් කරනවා. එසේම, දූපත තුළ සහ වෙරළ තීරයේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත කැමරා පද්ධති ද ස්ථාපනය කර තිබෙන බව සඳහන් වෙනවා.

යාපනයට කිලෝ මීටර 64 ක් පමණ නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන මෙම මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන්නකි. වර්ග කිලෝමීටර 1.15 ක් පමණ කුඩා දූපතක් වන කච්චතිව් දූපත, මෙරට දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ලෙස ද සැළකෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *