ගැරඬිඇල්ල අනතුර සිදුවූ ස්ථානයේ තවත් අනතුරක්

කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙන අතර, අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වෙනවා.

මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *