අස්වැසුම ගිණුමට යන තවත් දීමනාවක්

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අදාළ දීමනාව, SLIPS ක්‍රමය මඟින් සෘජුවම අස්වැසුම ගිණුම්වලට ගිණුම්ගත කරන බව දන්වා තිබෙනවා.
ඒ අනුව, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.
අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වසරේ පෙබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල්/උප තැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වන දින සිට ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.