ලංකාවට තවත් රන් පදක්කමක්

ඔස්ට්‍රේලියාවේ පැවැති 2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම තරගය සඳහා ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වි තිබෙනවා.

එහිදී රන් පදක්කම දිනා ගත් රන්සිළු ජයතිලක මෙම පදක්කමත් සමගින් ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලිය දිනා ගත් තුන්වැනි රන් පදක්කමද වෙනවා.

මෙල්බන් නුවර ප්‍රේක්ෂකයින් 4000 කට අධික පිරිසක් ඉදිරියේ තමන් සිංහ කොඩිය එසවීමට සමත් වූ බව මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් යොමු කරමින් රන්සිළු ජයතිලක සඳහන් කර තිබෙනවා.

පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු, වැටුපක් නොමැති නමුත්, කිසිඳු අවස්ථාවක සිංහ කොඩිය බිම නොතබන බවත් හැකි ඉක්මනින් ලෝක වේදිකාවේ සිංහ කොඩිය එසවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *