තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු රිය අනතුරක

යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

මන්ත්‍රීවරයා මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ, චාවකච්චේරිය ප්‍රදේශයේදීයි.

කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී වාහනය ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පිටුපසින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටී තිබෙන අතර, අනතුරින් මන්ත්‍රීවරයා, ඔහුගේ සහයකයා සහ රථයේ රියදුරු තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ චාවකච්චේරිය පොලීසීය පවත්වනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *