ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක්

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ 08 සවස් කාලයේදී එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ, කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ඔහු මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසන අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉකුත් 18 වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් ,කජ්ජා, සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණා. ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිදු කරනු ලබනවා.
