උස්වැටකෙයියාව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙක්

පමුණුගම පොලිස් වසමේ, උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතිනවා.

ඒ අනුව ඊයේ (26) රාත්‍රී කාලයේ රාගම වල්පොල ප්‍රදේශයේදී පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් හා විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වා්ර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, ඊයේ දිනයේ දී ද මෙම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු බව වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *