ඔයත් මහ බැංකුවට යන්න හිතපු කෙනෙක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බව, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පළ නොකරන බව ඔවුන් විශේෂයෙන් අවධාරණය කරනවා.

ඒ අනුව, සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ ර්‍ණරැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ පමණක් පළ කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *