ලංකාවට පැමිණි පළමු වරම අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 400ක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අදාළ සැකකරුවන් තායිලන්තයේ, බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවත්, අත්අඩංගුවට ගත් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම් රු. මිලියන 25 ක් පමණ වෙන අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියන් ජාතික යුවළකි.
මෙම යුවළ පළමු වරට මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් ඉන්දියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන යුවළක් බව සඳහන් වෙනවා. ඔවුන් ගමන් මළු දෙකක් තුළ සූක්ෂම සඟවා මෙම කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබෙනවා.
