අසලංකගේ හුදෙකලා ශතකය

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද (12) සමත් වී තිබෙනවා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා දී නැත.

නමුත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළ බවත්, එහිදී අසලංක හයේ පහර 03 ක් සහ හතරේ පහර 11 ක් සමඟින් සිය ශතකය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 214 ක් ලබා ගත් අතර,
නායකත්ව ඉනිමක් තරග කළ චරිත් අසලංක ලකුණු 127 ක් ලබා දැවී ගිය බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *